தமிழ்
English
Contact
Friday 29th May 2020    
අද ජනාධිපතිට පොලිස්පති මාරු කරන්නවත් බලයක් නැහැ - දිනේෂ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද ජනාධිපතිට පොලිස්පති මාරු කරන්නවත් බලයක් නැහැ – දිනේෂ්



ජනාධිපතිවරයාට අද පොලිස්පතිවරයා වෙනුවට වෙනත් අයෙකු පත්කිරීම පවා බලයක් නැතැයි ඊයේ(02) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු පැවසුවේ මේ සිදුවීම හරහා 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ආරක්ෂාවට එල්ල වී ඇති බලපෑම කොතරම්ද යන්න පැහැදිලි වන බවයි.

එසේම පොලිස්පතිවරයා ඉවත් නොවීම පිටුපස අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිටින බවද දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ. එසේම ආණ්ඩුවේ නොහැකියාව කොතරම්ද යන්න ගතවූ අවුරුදු 4ට ආරක්ෂක ලේකම්වරු පස් දෙනෙකු මාරු කිරීමෙන් පෙනෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.