தமிழ்
English
Contact
Friday 20th July 2018    
අද දින ජපානයට බලපෑ හදිසි වැසි හේතුවෙන් පුද්ගලයෝ 44ක් මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද දින ජපානයට බලපෑ හදිසි වැසි හේතුවෙන් පුද්ගලයෝ 44ක් මියයති



බටහිර ජපානයට ඇතිවූ හදිසි වැසි හා ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයෝ 44 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

අද දිනය පුරා ඇද හැළුණු දැඩි වාර්ෂාවෙන් පසුව ආපදාවට ලක්වූ ප්‍රදේශවල තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බවද වාර්තාවේ.මෙම හදිසි ගංවතුර තත්වය හේුතුවෙන් එම ප්‍රදේශවල ගමනා ගමනය ජල, විදුලිය හා අනෙකුත් යටිතල පහසුකම් දැඩි ලෙස හානියට පත්ව ඇති බව වාර්තාවේ.

විශේෂයෙන් මාර්ග පද්ධති හා නිවාස විශාල ලෙස විනාශවී ගොස් ඇති බව වාර්තාවේ. මෙම ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මඩපහරට හසුව ගිලීයෑමෙන් හිරෝෂිමා නගරයේ පමණක් පුද්ගලයෝ දහ දෙනෙකුට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇති බව ජපාන එන්එච්කේ රූපවාහිනී සේවය වාර්තා කර තිබේ. මෑත කාලයේ ජපානයට ජල ගැලීමෙන් මෙපමණ ජීවිත හානි වාර්තාව නොතිබුනි.

ගලවා ගැනීමේ හා සහන සේවා කණ්ඩායම් ළගාවනකම් බොහෝ පුද්ගලයෝ සිය ගොඩනැගිවල වහලවල් මතටවී සිය ජීවිත ආරක්ෂා කරගෙන තිබෙන බව එම විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.




Related News