தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්



දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම් කර සිටියි.