தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අධ්‍යාපන කප්පාදුවට හා වැටුප් කප්පාදුවට ඒරෙහි ගුරු අරගලය ඇවිළේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපන කප්පාදුවට හා වැටුප් කප්පාදුවට ඒරෙහි ගුරු අරගලය ඇවිළේ!



ගුරු වැටුප් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපාදන සම්බන්ධයෙන්දි ආණ්ඩුව දක්වන අනම්‍ය පිළිවෙත ‌ෙමෙන්ම ගුරුවරුන්ට අදාළ අනවශ්‍ය බර පැටවීම්වලට ඒරෙහිව ඒ්කාබද්ධ ගුරුසේවා සංගමය ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තිය සංගම් හා බහුජන සංවිධාන ‌ෙගෙන යන අරගලයේ තවත් තීරණාත්මක අවස්ථාවක් අද බත්තරමුල්ල, පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ‌පෙළ ගැසුනි.

‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යංශ පරිහ්‍රය අබියසට පැමිනි ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු සමාජ ක්‍රියාකාරින විසින් පහත ඉල්ලීම් මත විරෝධතාවක ‌ෙයෙදුනි.

BC පෙරේරා අසාධාරණය නිවරදි කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කරනු!
කොළ පිරවිල්ල නවතනු!
අධ්‍යාපනයට 6% ක් වෙන්කරනු!
කප්පාදු කළ විශ්රාම වැටුප නැවත ලබාදෙනු!
ඒසේම වෘත්තියසමිති ආරම්භ කළ විරෝදතා ‌ෙපෙලපාලියක් පාලම් තුන හන්දියේ සිට ඉසුරුපාය ‌ෙවෙත ළගා විය. ‌

මෙසේ විරෝධය පළකළ ගුරු නියෝජතවරුන් හමුවේ අධ්‍යාපන ඇමතිවරයා යම් යම් පොරොන්දු ලබාදුන් නමුත් ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් දීම සම්බන්ධ නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳ කිසිවක් පවසා නැත මෙම තත්වය තුළ අරගලයෙන් මිස සිය සාධාරණ ඉල්ලීම් දිනාගැනීමට නොහැක බව වත්මන් ආන්ඩුව සනාථකර ඇතැයි ගුරුවරු හා විදුහල්පතිවරු පවසති.