தமிழ்
English
Contact
Friday 22nd November 2019    
අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් 8000ක් බඳවා ගැනේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් 8000ක් බඳවා ගැනේ



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් එක් දිනක දී ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මෙම මස 20 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් තැපැල් මගින් දැනුවත් කිරීමට ද නියමිතය.

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.

ඒ අනුව 2016 උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්නේ 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන අතර 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහා කණ්ඩායමයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරී 25 වැනිදා අංක 2018 දරන ගැසට් නිවේදනයට අනුව බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාවෙන් තුන් ගුණයක සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා මෙම අධ්‍යයන වර්ෂ දෙක සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් තෝරා ගෙන ඇත.

ශික්ෂණලාභීන් ලෙස 8,000ක් වැනි විශාල සංඛ්‍යාවක් බඳවා ගෙන අධ්‍යයන වර්ෂ දෙකක කටයුතු එකවර සිදුකෙරෙන්නේ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථමවරටය.