தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
අධිකරණ තීන්දුවක් මත විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් කපයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධිකරණ තීන්දුවක් මත විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් කපයි!



ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ  පාලනාධිකාරීය ඊයේ (5) තීන්දු කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත්  2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් මත ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.