Posted on 01.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අනවසර ඉදිකිරීමක් ලෙස සඳහන් කරමින් ආණ්ඩුව විසින් කඩා දැමූ යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය වෙනුවට එම ස්ථානයේම නැවත ඉදිකෙරෙන ස්මාරකය නීති විරෝධි නොවන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මෙම ස්මාරකය කඩා දැමීම පිළිබඳ ඊයේ (ජනවාරි 12 ) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුනේ අලුතින් එය ඉදි කිරීම සඳහා උපකුලපතිවරයා මැදිහත්වීමෙන් මුල්ගල තබා ඇති බැවින් එය නීති විරෝධි නොවන බවයි.
මෙය අනවසර ස්මාරකයක් බව රජයේ බලධාරීන් පැවසුවත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය පවසා ඇත්තේ නටබුන් කෙරුණු මුල් ස්මාරකය පිහිටුවන ලද්දේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අනුමැතිය යටතේ බවයි.
කෙසේවෙතත් මුලින් අනවසර ඉදිකිරීමක් ලෙස මෙම ස්මාරකය හැඳින්වූ යාපනය සරසවියේ උප කුලපති මහාචාර්ය සිවකොලුන්දු ශ්‍රීසද්ගුණරාජා සිසුන් පිරිවරා ගොස් මඩ දියේ බැස මුල් ස්මාරකයේ නටබුන් අතරින් මතුකරගත් ගල් දෙකක් මත ස්මාරකය නැවත ඉදිකිරිම සඳහා මුල්ගල තබා තිබුණි.