தமிழ்
English
Contact
Sunday 15th December 2019    
අන්තර්ජාල නිර්මාතෘ අන්තර්ජාල වැරදි ගැන දුක කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තර්ජාල නිර්මාතෘ අන්තර්ජාල වැරදි ගැන දුක කියයි!



පදනම් විරහිත අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තත්වයන් නිසා ‘ලෝක ව්‍යාප්ත තොරතුරු කළමනාකරන පද්ධතියක්‘ සම්බන්ධයෙන් තමන් කළ යෝජනාව විනාශකාරී ඉරණමකට ඇදවැටෙනු ඇතැයි අන්තර්ජාත නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී කනගාටුව පළකර තිබේ.

අන්තර්ජාලය තුළ ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම් දුස් තොරතුරු සහ ඩිජිටල් ලෝකය, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හානි වීම සහ පෞද්ගලිකත්වය නිරාවරණය වීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මේ නිසා ලෝකය ඒකාබද්ධ කරමින් තොරතුරු හුවමාරු කරගැනීමේ සද්භාවී අරමුණ විනාශයට පත් වීම කනස්සල්ලට හේතුවක් බව ටිම් බර්නස් පවසයි.

1989දී “තොරතුරු කළමනාකරණය පද්ධතියක්” සඳහා ලෝක ව්‍යාප්ත ජාලය (world wide web) සංකල්පීය ලෙස හඳුන්වා දුන් ටිම් බර්නර්ස් ලී බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයෙකි.

ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කිරීම සඳහා නව ගිවිසුමක් ඇති කරගත් යුතු බවත් රටවල්, ආණ්ඩු, සමාගම් සහ තනි තනි පුද්ගලයන් කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ වෙනුවෙන් ප්‍රධාන මූලධර්ම නවයක් ක්‍රියාත්මක කළ යුතු බවත් බර්නර්ස් ලී නැවත වරක් අවධාරණයෙන් පැවැසීය.

ටිම් බර්නර්ස් ලීගේ ‘ලෝක ව්‍යාප්ත ජාල පදනම’ මෙම නව යෝජනා සකස් කර තිබෙන අතර අන්තර්ජාල තර්ජනවල නැගීම පාලනය කිරීම ඒවායේ ප්‍රමුඛ අරමුණ වී තිබේ. නොවැම්බර් 25 වැනි සඳුඳා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර සමුළුවක් ද කැඳවා තිබිණි.




Related News