தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අන්තර්ජාල වීඩියෝවකින් හෙළි වූ ළමා අපයෝජනය ගැන බලධාරින් නිදි - විරෝධය ‌‌හෙට ‌කොටුවේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තර්ජාල වීඩියෝවකින් හෙළි වූ ළමා අපයෝජනය ගැන බලධාරින් නිදි – විරෝධය ‌‌හෙට ‌කොටුවේදී



ලාබාල දැරියක් ලිංගික අපයෝජනයක් සිදුකර ඒය වීඩියෝකළ ව්‍යාපාරිකයකු සම්බන්ධ පැමිණිලි කළද පොලිසිය කිසිදු පියවරක් ගෙන නැත.

මේ තත්වය හමුවේ ළමා අපචාර වලට එරෙහිව හා පොලීසිය, ළමාරක්ෂක අධිකාරිය ඇතුළු බලධාරින් විසින් සිය වගකීම ඉටු නොකිරීමට එරෙහිව උද්ඝෝෂණයක් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් සංවිධානය කරතිබේ. එම උද්ඝෝෂණය හෙට (19) සවස 3.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වේ.
ඒකී අපචාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වීමත් සමඟ මේ සම්බන්ධව ළමා රක්ෂක අධිකාරියටද පැමිණිලි කළ නමුත් නීතිමය පියවර ගැනීම මන්දගාමී බව දැනගන්නට ඇත. මෙයට හේතුව සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු බව කියන අදාළ අපරාධකරුවා පොලිසිය ඇතුළු බලධාරින්ට අල්ලස් ලබාදීම බව චෝදනා කෙරේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා සම්බන්ධයෙන් කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.
විශේෂයෙන්ම ළමා අපචාරයක් සම්බන්ධයෙන් පියවර ගැනීමට වින්දිතයන්ම පැමිණිලි කිරීම අවශ්‍ය නොවනා මෙන්ම ළමා ආරක්ෂක අධිකාරිය ඒවැනි සිදුවීමක් වාර්තා වීමෙන් පසු පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටිය යුතු නැත. අපරාධයට ලක් වූ දැරියට නිසි රැකවරණ සැපයීම, මානසික සෞඛ්‍ය පහසුකම් ලබාදීම සහ නීතිය ක්‍රියාවට නැගීම මාසයකටත් අධික කාලයක් ප්‍රමාදවී ඇත.
ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයකරන කාන්තාවකගේ දියණියක් මෙසේ අපහරණයකර ඇති බව සැකකරන අතර මේ සම්බන්ධ අනාවරණය වීමෙන් පසුව අපරාධය වසාගැනීමට මුදල් වීසිකරන තත්වයකට සැකකරු පත්ව තිබේ. මේ වනවිට මෙම දැරිය හා මව සිටින ස්ථානයක් අනාවරණය නොවීම නිසා මෙය තවත් අපරාධවලින් යටගැසීමේ සිදුවීඹක්දැයි බරපතළ සැකයක් මතුව තිබේ.