தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍යයන් දෙවැනි දිනටත් උපවාසයේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍යයන් දෙවැනි දිනටත් උපවාසයේ



ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කර ඇති අඛණ්ඩ උපවාසය ඊයේ(02) දෙවෙනි දිනටත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සිදු කෙරුණි.

විශ්වවිද්‍යාල විද්‍යායතන සම්බන්ධයෙන් ඉල්ලිම් කිපයක් මුල් කරගන්මින් පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.

විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ කප්පාදු කර ඇති උපාධි පාඨමාලා, ශිෂ්‍යාධාර, නේවාසිකාගාර පහසුකම්,විද්‍යාගාර පහසුකම්, ඉඩකඩ පහසුකම් ඇතුළු ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් මෙම උපවාසය පැවැත්වේ.