Posted on 08.18.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
අද දහවල් කොළඹදී පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවකට පොලිසිය පහරදීමෙන් පසුව 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ දක්වා අත්අඩංගුවට ගෙන සිටින සියලුම විරෝධතාකරුවන් නිදහස් කරන ලෙසත්, ජනතාවගේ ජීවන දුෂ්කතරා විසඳීමට පියවර ගන්නා ලෙසත් බලකරමින් අවිශිබම විසින් කැඳවන ලද දැවැන්ත විරෝධතා පා ගමනක් අද දහවල් ආරම්භ විය. අවිශිබම කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියේ ඉල්ලීම මත අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු මධ්‍යයේ ඔහු මෙම විරෝධතාවට සහභාගි විය. එසේම විවිධ සමාජ සංවිධාන නියෝජිතයන් සහ කලාකරුවන් පිරිසක්ද මෙම විරෝධතාවට සහාය දැක්වූහ.
විරෝධතාවට නායකත්වය දුන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිසක්ද විරෝධතාවට සහාය දැක්වීමට පැමිණි කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ. මීට අමතරව කලාකරුවන්වන ජෙහාන් අප්පුහාමි, අජන්ත අලහකෝන් සහ සමාජ ක්‍රියාකාරික් චින්තක රාජපක්ෂද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.