தமிழ்
English
Contact
Friday 6th December 2019    
අන්තවාදයට එරෙහි මෙහෙයුම් මධ්‍යස්ථ මතදාරීන් අන්තවාදයට ඇද දමන්නක් නොවිය යුතුයි - රාවුෆ් හකීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තවාදයට එරෙහි මෙහෙයුම් මධ්‍යස්ථ මතදාරීන් අන්තවාදයට ඇද දමන්නක් නොවිය යුතුයි – රාවුෆ් හකීම්



පාස්කු දින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ මගින් සිදුකරන සෝදිසි මෙහෙයුම් ඉතා සතුටුදායක මට්ටමක තිබෙන නමුත් මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන්ද අන්තවාදයට ඇද දැමිය හැකි අවස්ථා වළක්වා ගැනීම ගැන සැළකිලිමත් විය යුතු බව නගර සැලසුම් සහ ජල කළමනාකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පවසයි.

ඔහු පවසන්නේ මුස්ලිම් ජනතාව මෙම සෝදිසි මෙහෙයුම්වලට උපරිම සහයෝගය පලකරන නමුත් ඇතැම් සිදුවීම් නිසා මධ්‍යස්ථ මතදාරී මුස්ලිම් ජනතාවද අනත්වාදයට තල්ලුවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් එවැනි අවස්ථා වළක්වා ගැනීමට පියවර ගත යුතු බවයි .

එසේම සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා අරාබි සහ දෙමළ භාෂාවෙන් රචිත ලියකියවිලි සමහරක් විට අන්තවාදයට විරුද්ධ, බින් ලාඩන් විරෝධී ඒවා විය හැකි බැවින් ඒවා නිර්වචනය කරගැනීම සඳහා මුස්ලිම් කටයුතු දෙපර්තම්නේතුවේ සහාය ලබා ගත හැකි බවද අමාත්‍යවරයා පවසා ඇත.

මුස්ලිම් පල්ලි කිහිපයකින් ආයුධ හමුවීම ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ වන්දනාමාන කරන ස්ථානයක ආයුධ තබා ගැනීම සුදුසු නොවන බවද රාවුෆ් හකීම් සඳහන් කර තිබේ .

පාස්කු දින ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ජන සමාජයේ ජීවත්වන එක්තරා පිරිසක් බවත් ඔවුන් ගැන මුස්ලිම් සමාජය දිගින් දිගටම අනතුරු අඟවා තිබූ බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇත.