தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
අන්තවාදින් තිදෙනකු සිරියාවෙන් මුදල් එවලා- ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තවාදින් තිදෙනකු සිරියාවෙන් මුදල් එවලා- ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය



ලාංකිකයන් තිදෙනකු මේ වනවිටත් සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන බවට ඇතිවී තිබෙන සැකයක් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

එසේ පුහුණුව ලබන පුද්ගලයන් විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග වෙත පොලිසිය විසින් ඊයේ (15) දැනුම් දෙන ලදී.

අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා පළමුවරට සිරියාවට ගිය ලාංකිකයන් ලෙස සැලකෙන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ්, ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් සහ මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් විසින් මෙම මුදල් මෙරටට එවා ඇත. එම මුදල් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවක දී දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී එම මුදලින් කොටසක් සොයාගනු ලැබිණි.