Posted on 08.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික මංගල මද්දුමගේ, අගෝස්තු 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ රඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අගෝස්තු 8 වැනිදා ‘ගාලුමුවදොර අරගලකරුවන්’ විසින් කැඳවන ලද හමුවකට සහභාගි වීම පිණිස කොළඹ මහජන පුස්තකලායට පැමිණි අවස්ථාවේදී සිවිල් හැඳගත් නාඳුනන පුද්ගලයන් විසින් පැහැරගනු ලැබූ ඔහු සම්බන්ධධයෙන් කළ සොයාබැලීම්වලදී ඔහු පොලිස් අත්අඩංගුවේ සිටින බව අනාවරණය විය.