தமிழ்
English
Contact
Friday 18th September 2020    
අනුමැතියකින් තොරව ජනාධිපති කළ වියදම පාර්ලිමේන්තුවේ සම්මත කරන්න - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුමැතියකින් තොරව ජනාධිපති කළ වියදම පාර්ලිමේන්තුවේ සම්මත කරන්න – අනුර දිසානායක



ඒකාබද්ධ අරමුදලින් මුදල් වැය කිරීමේදී පාර්ලිමේන්තුව විසින් එම වියදම අනුමත කළ යුතු වුවද අප්‍රේල් මස 30 සිට අගෝස්තු 30 දක්වා ජනාධිපතිවරයාගේ හිතුමතයට ඒකාබද්ධ අරමුදලින් වියදම් කළ බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රි අනුර දිසානායක පවසයි.

වත්මන් ආණ්ඩුව විසින් බිලියන ගණනක් මුදල් අතුරු සම්මත ගිණුමකින් සම්මත කරවා ගන්නට පාර්ලිමේන්තුව ඉදිරියට තබා ඇතත් පසුගිය මාස ගණනක් ව්‍යවස්ථා විරෝධී ආකාරයට ජනාධිපති වියදම්කළ මුදල් සම්බන්ධව ලබාගත් 2/3 පාර්ලිමේන්තු බලය යටතේම විශේෂ යෝජනාවක් සම්මත කළ හැකි බව පැවසීය. ඒසේ නොමැතිව ජනාධිපතිවරයා වැය කළ ඒ්කාබද්ධ අරමුදලේ මුදල් සම්බන්ධ නොතකා හැරිය හොත් ඒය නරක පූර්වාදර්ශයක් වනු ඇති බව පැවසූ අනුර දිසානායක මන්ත්‍රිවරයා, ඒවිට අගෝස්තු 20 සිට ඒළඹෙන නොවැම්බර් 20 දක්වාද එසේම ජනාධිපතිවරයාට වියදම් කරන්නට පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නොවන බවද පැවසීය.