Posted on 01.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර දැරියන්ට පහර දී හිංසනයට පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට එම ළමා නිවාසයේ ප්රධාන පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර කඩ පනහ ප්රදේශයේ පිහිටි මෙම බාලිකා ළමා නිවාසය පරිවාස දෙපාර්තමේන්තුවට අනුයුක්තව පාලනය වන්නකි.
ළමා නිවාසයේ අක්රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ පරීක්ෂණවලට අනුව දැරියන් හත්දෙනකු පමණ ලබා දුන් ප්රකාශවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය අතින් පයින් සහ ප්ලාස්ටික් බට පොලූවලින් පහරදීම නිසා දරුවන්ට තුවාල සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
සැකකාරිය විසින් දරුවන්ට නාන කාමර තුළ හා ඔවුන්ගේ කාමරවල සිර කර පහරදීම් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදි හෙළිවී තිබූ අතර සුළු වැරදිවලට පවා දරුණු අන්දමින් පහරදී තිබෙන බවද පොලිසිය පවසයි.
දැරියන් සිදුකරනා චෝදනා සම්බන්ධයෙන් නිවාස පාලිකවගේ ප්රකාශත් සටහන් කර ගැනීමෙන් පසු ඇය අද අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.