தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
අනුරාධපුර රෝහලේ හයිඩ්‍රජන් පැරක්සයිඩ් නෑ - අත්‍යවශ්‍ය ඖෂධ හිගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුරාධපුර රෝහලේ හයිඩ්‍රජන් පැරක්සයිඩ් නෑ – අත්‍යවශ්‍ය ඖෂධ හිගයක්!



අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යයක් ලෙස සළකන Hydrogen peroxide නමැති ද්‍රාවණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැනට සතියක කාලයක් පුරාවට නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හදිසි අනතුරු ඇතුලු විශාල ශල්‍යකර්ම වර්ග ප්‍රමාණයකට අත්‍යවශ්‍ය වන ඖෂධයක් වන මෙය වෛද්‍ය සැපයුම් අංශයේද නොමැති බැවින් සපයන්නට නොහැකි වී තිබේ. ඒ ඖෂධය ආනයනය කර සැපයීම සඳහා ලියාපදිංචිව සිටින සැපයුම්කරුවන් සතුවද එම ඖෂධය නොමැති බව පැවසේ. මේ හේතුවෙන් රෝහල් ශල්‍යකර්ම හා තුවාල සැරහුම් කටයුතු නිසි පරිදි සිදුකරගැනීමට විශාල බාධාවක් මෙන්ම එම කටයුතු නිසි ප්‍රමිතියට සිදු කිරීමට නොහැකි වී ඇත.