Posted on 11.29.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්රවීන සිනමාවේදිනී අනෝමා රාජකරුණා, ප්රංශ රජය විසින් කලා ක්ෂේත්රයේ විශේෂ කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයන්ට පිරිනමන ගෞරව සම්මානයක් (Officer in the Order of Arts and Letters ) මගින් ගෞරවයට ලක්කර ඇත.
සිනමා කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමන්නට පෙර එනම්, 2012 වසරේදී ඇය පළමුවරට ප්රංශ ජනාධිපති ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.
ලාංකේය සිනමා ක්ෂේත්රය තුළ වෘත්තීයමය වශයෙන් නියැලී සිටින කාන්තාවන් අතළොස්සක් අතර විශිෂ්ට කාර්යයක් ඉටු කරමින් විශේෂයෙන් කෙටි චිත්රපටය විෂයෙහි කැපවී සිටින ඇය ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක්, විචාරිකාවක් සහ සමාජ ක්රියාකාරිනියක් ද වන්නීය.