தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
අපචාරයට ලක්වූ 19 ගැන අගමැතිගෙන් ජනාධිපතිට පිළිතුරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපචාරයට ලක්වූ 19 ගැන අගමැතිගෙන් ජනාධිපතිට පිළිතුරක්!



තමන් බිහි කළ 19 වැනි සංශෝධනය සුජාත දරුවක් බවත් එය අපචාරයට ලක් කර ඇති බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් දක්වා ඇත.

ඊයේ(22) ආණමඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේද යන්න මේ වන විට ගැටළුවක් වී ඇති බවයි. එහිදී අගමැති රනිල් පවසන්නේ පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට කටයුතු කළ යුතු බවයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ කාගෙන්ද යන්න පිළිබද ඔහු එහිදී කිසිවක් ප්‍රකාශ කර නැත. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසුව අගමැති රනිල් සහ ජනාධිපති මෛත්‍රිපාල එක්ව පිහිටුව ලද හවුල් පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම සම්බන්ධ ඉතිහාසයක් ඇත.

වැඩකරන ජනතාවගේ ඉල්ලීම්, ශිෂ්‍ය, රැකියා විරහිත සහ වෙනත් ජනතා බලවේගවල ඉල්ලීම් මර්දනය කිරීමෙන් පිළිතුරු දුන් රනිල්-මෛත්‍රි හවුල් පාලනය ඒ නිසාම ජනතා අප්‍රසාදයට ලක්ව තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රජාතන්ත්‍රවිරෝධී, කෘර මර්දනකාරිත්වයක් ලෙස 2015දී ජනතාව විසින් පළවා හැරි රාජපක්ෂ රෙජීමයට යළි බලයට පැමිණීමේ ඉඩක් විවෘත කර ඇත. එහි වරදකරුවන් ලෙස ජනාධිපතිවරයා අගමැති රනිල් ඇතුළු එ.ජා.ප.යට ඇගිල්ල දිගුකරන අතර අගමැ.ි රනිල් ජනාදිපතිවරයාට චෝදනා කරයි.