Posted on 06.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
Xpress-Pearl නෞකාවෙන් විසිරී මුහුදු රළ ඔස්සේ පාවීමෙන් වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 1000 කට අධික ප්‍රමානයක මේ වන විට එකතු කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසන ආකරයට නෞකාවෙන් වෙරළට ගොඩ ගසා එකතු කළ අපද්‍රව්‍යවලින් වැඩි තොගයක් කන්ටේනර් 41 ක් තුළ වත්තල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කන්ටේනර් අංගනයක තාවකාලිකව ගබඩා කර ඇත. එසේම තවත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මළුවල අසුරා වෙරළ තීරයේ ත.බා ඇති බවද එසේ තබා ඇති තොගය හෙට (10) සිට කන්ටේනර් අංගනයට ගෙන ඒම ආරම්භ කරන බවත් හේමන්ත ජයසිංහ පැවසීය.