தமிழ்
English
Contact
Saturday 4th July 2020    
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානමාරු දේශපාලන සුද්දයක් ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානමාරු දේශපාලන සුද්දයක් ?



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ දේශපාලන වශයෙන් පක්ෂපාති පිරිස් ස්ථාපනය කරමින් පක්ෂපාත නොවන පිරිස් ඉවත්කිරීම දේශපාලන සුද්ද කිරීමක් ලෙස අවධානයට ලක්ව තිබේ.

මේ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගාල්ල ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා සහකාර ලෙස පත්කිරීමෙන් සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් ඉන් අනතුරුව බදුල්ලට මාරු කිරීමෙන් ආරම්භ කළ දේශපාලන සුද්දයක් ආරම්භ වූ බවට දේශපාලන අංශවල කාබහක් ඇතිව තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් සාමාන්‍ය නිලධාරින් 50කට ආසන්න පිරිසක් මේ වනවිට මාරු කර යවන්නට තීරණයකර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග හෙළිකර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසුව මෙවැනි නිලධාරින් මාරුකර යැවීම දේශපාලන පලිගැනීම් බව පොලිස් දෙපාර්තමේන්තුවේ අප්‍රසාදයක් හටගෙන ඇති බවද එම ආරංචිමාර්ග හෙළිකරයි.
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ගණනාවකට සම්බන්ධව මූලික විමර්ශන නිලධාරියකු ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා පවුලේ සාමාජිකයන් සමග ස්ව්ටිසර්ලන්තය කරා ගොස් ආරක්ෂාව පැතීමද දේශපාලන වශයෙන් අවධානයට ලක් වූ විශේෂ සිදුවීමකි.