தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
අප්‍රිකානු අමෙරිකානුවකුගේ මරණය නිසා ඇට්ලන්ටා පොලිස් ප්‍රධානි ඉල්ලා අස්වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අප්‍රිකානු අමෙරිකානුවකුගේ මරණය නිසා ඇට්ලන්ටා පොලිස් ප්‍රධානි ඉල්ලා අස්වෙයි!



එක්සත් ජනපදයේ මිනසෝටාප්‍රාන්තයේ මිනියපොලිස්හි ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ විරෝධතා ඇවිල යද්දී ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නගරයේ අප්‍රිකානු සම්භවයක් ඇති අමෙරිකානුවකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

12 වැනිදා රාත්‍රියේ ඇට්ලන්ටා නගරයේ අවන්හලක් අසල රථගාල අසළ වාහනයක නිදා සිටි රේෂාර්ඩ් බෘක්ස් නමැති 27 හැවිරිදි තරුණයා මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඩෙවින් බ්‍රොන්සන් හා ගැරට් රෝල්ෆ් නමැති සුදු ජාතික පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම්වන අවස්ථාවේ පළායාමට උත්සාහ කිරීම හේතුවෙනි. නිදා සිටි බෘක්ස් මත්පැන් පානයකර සිටි බව අත්අඩංගුවට ගැනීමට පෙර සනාථ වී ඇති අතර ඔහු නිදා සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හේතුවක් පොලිසියට නොමැති බව සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරින් පෙන්වා දෙනවා. අත්අඩංගුවෙන් මිදීමට උථ්සාහ කරන පුද්ගලයකුට මරණය ගෙන දෙන ආකාරයෙන් වෙඩි තැබීම පොලිසිය විසින් ජීවිත ආරක්ෂා කිරීමට උනන්දුවක් දක්වන්නේ නැති බවට සාධකයක් බව පවසන ඔවුහු, සුදු ජාතිකයන්ට මෙවැනි තත්වයකට මුහුණ දෙන්නට සිදු නොවන්නේ පොලිසිය ජාතිවාදි ලෙස කලු ජාතිකයන්ට සළකන නිසා බවද පෙන්වා දෙති.

ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එරිකා ශීල්ඩ්ස් ඇයගේ විරෝධය පළ කරමින් මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ පොලිසිය දිගින් දිගටම ජනතාව අතරේ අප්‍රසාදයට පත්වන තත්වය වෙනස් කිරීමෙන් තොරව ඉදිරියට යා නොහැකි බව සඳහන් කරමින්.

මේ වනවිට 202 වසර තුළ මෙම වර්ගයේ 48 වැනි සිදුවීම බව කියැවෙන ඇට්ලන්ටාවේ ඝාතනය සම්බන්ධයෙන් විරෝධතා ප්‍රචණ්ඩ ආකාරයක් ගනිමින් තිබෙන බව වාර්තා වේ.