Posted on 01.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාපය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇත. එහි දැක්වෙන පරිදි පර්යන්ත මෙහෙයුම් සමාගමකට බදු දීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව 51% ක කොටස් ප්‍රමාණයක් රඳවා ගනිමින් පර්යන්ත මෙහෙයුම් සමාගමක් පිහිටුවීමට නියමිත අතර ඉතිරි 49% කොටස් ඉන්දියාවේ නාමික සමාගමක් සහ ජපානයේ නාමික සමාගමක් අතර බෙදා හරිනු ඇත.
රටවල් තුන අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා 2019 සැප්තැම්බර් 10 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ටර්මිනල් ඔපරේෂන් කම්පනි (TOC) පිහිටුවන ලද්දේ “නැගනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සැපයීම සහ එහි කළමනාකරණය කිරීම සඳහා බවද එක්සත් ජාතික පක්ෂය පවසයි. නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් TOC වෙත ලබා දීමට නියමිතව තිබූ අතර ඉන් පසුව එම පර්යන්තය හි ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවද එම නිවේදනයේ දැක්වේ.