தமிழ்
English
Contact
Monday 26th October 2020    
අපි බලයට පත්වුණානම් රැකියා අහිමිවූ ලක්ෂ 4ටම රැකියා දෙනවා - සජිත් ප්‍රේමදාස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි බලයට පත්වුණානම් රැකියා අහිමිවූ ලක්ෂ 4ටම රැකියා දෙනවා – සජිත් ප්‍රේමදාස



කොවිඩ් -19 බලපෑම නිසා ලක්ෂ 4ට රැකියා අහිමිවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. රැකියා අහිමි වූ පිරිස් වෙත ආදායම් මාර්ග සලසා දීම රජය සතු වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

ඊයේ (24) බොරැල්ල ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“කොවිඩ්-19 නිසා රටේ ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා තියෙන්නේ. අපි ආණ්ඩු බලයට පත්වුණා නම් අපේ වගකීම වන්නේ රැකියා අහිමි වූ හාරලක්ෂයට අලුතින් කර්මාන්ත බිහිකරලා, ඒ රැකියා ලබා දීම අපේ වගකීම වෙනවා,“ යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

“එහෙත් රටේ සමස්ථ ජනතාව තීරණය කළා ආණ්ඩු බලය යන්නට අවශ්‍ය පොහොට්ටු පක්ෂයට කියලා. ඒ නිසා ජනතා තීන්දුවට අපි ගරු කළා, ඒ වගේම ජනතාව තීන්දු කළා පොහොට්ටුව නොවෙයි සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම විය යුතුයි කියලා. ඒ තීරණයටත් අපි ගරු කරනවා. ඒ හැම තීන්දුවකට ගරු කරනවා වගේම පොහොට්ටු රජයේ වගකීමක් වෙනවා අහිමි වූ රැකියා ලක්ෂ හතර නැවතවරක් නිර්මාණය කරලා, ආදයම් මාර්ගයක් නිර්මාණය කිරීම,“ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය