தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
අපි මන්ත්‍රී ධූර හයෙන් කුමන්ත්‍රණය පැරද්දුවා - ජවිපෙ කිරුළපනදී කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි මන්ත්‍රී ධූර හයෙන් කුමන්ත්‍රණය පැරද්දුවා – ජවිපෙ කිරුළපනදී කියයි



පාර්ලිමේන්තුවේ තමන්ට සිටියේ මන්ත්‍රීවරු හයක් වුවත් දහනවයේ හිල්වලින් රිංගීමට ගිය මහින්ද – මෛත්‍රී කුමන්ත්‍රණය පරාජය කළ ආකාරයටම හෙට සිට දහනමයේ හිල් හොයාගෙන රනිල් ප්‍රමුඛ එජාපයේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලත් පරාජය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා(15) කිරුළපන පැවති ජන හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ “කුමන්ත්‍රණය දියත්වෙනකොට බොහෝ අය ඒ දෙස වෙනස් වෙනස් විදිහට බැලුව. සමහර අය රනිල් වෙනුවට මහින්ද වාඩි වුණා කියලා සතුටුවුණා. සමහරු රනිල් ඉවත්ක්ලා කියල දුක්වුණා. නමුත් මේ ප්‍රශ්නේ ජවිපෙ දැක්කේ උපන් ගෙයිම පරාජය කලයුතු දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසයි.”

“19 හිල් අස්සෙන් රිංගලා ජාතික ආණ්ඩුවක් හදල ඇමති ධුර වැඩිකරගන්න අවොත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරන බව අපි සහතික වශයෙන් කියනවා.”