தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
අපි මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ස්ථිරවම ගන්නවා - රමේෂ් පතිරණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ස්ථිරවම ගන්නවා – රමේෂ් පතිරණ



ඉදිරි මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ස්ථිර බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රමේෂ් පතිරණ පවසා සිටියේ මැතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය පදනම මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති කර ඇති බවයි.

අවම වශයෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර 140 ක් පමණ ලබා ගත හැකි බවත් තුනෙන් දෙකක බලයක් ස්ථිර වශයෙන්ම හිමි කර ගත හැකි බවත් රමේෂ් පතිරණ වැඩිදුරටත් පවසා ඇත.