தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
අපේක්ෂකත්වය ගැන එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයන් සමඟත් සාකච්ඡාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේක්ෂකත්වය ගැන එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයන් සමඟත් සාකච්ඡාවක්



ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවලදී එක්සත් ජාතික පෙරමුනේ පක්ෂ නායකයන් හමුවී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා නිශ්චිත දිනයක් තවමත් තීරණය කර නැතත් එජාප ජේෂ්ඨයන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර ඉතා නුදුරේදීම සාකච්ඡා පැවැත්වෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර ඊයේ පැවති සාකච්ඡා සුබවාදීව අවසන් වූ බව සජිත් ප්‍රේමදාස මාධ්‍යට පවසා තිබුණි. එසේම මෙම සාකච්ඡාව සඳහා එක්වූ රංජිත් මද්දුම බණ්ඩාර පවසා තිබුනේ අපේක්ෂකත්වය ගැන සාකච්ඡා තවදුරටත් සිදු කිරීමට නියමිත බවයි.