தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
අපේක්ෂකත්වය ගැන සාකච්ඡා සුබවාදීයි - සජිත් ප්‍රේමදාස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේක්ෂකත්වය ගැන සාකච්ඡා සුබවාදීයි – සජිත් ප්‍රේමදාස



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඉතා ධනාත්මක සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත පවසා තිබේ.

ඊයේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවෙන් පසු සජිත් ප්‍රේමදාස මේ අදහස් පළකර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බවත් මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී පැවැත්වීමට අදහස් කරන බවද සජිත් ප්‍රේමදාස පවසා ඇත. .

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

මුලින් “රනිල් – සජිත් හමුව” ඉකුත් ඉරිදා 8 පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය ඊයේ රාත්‍රිය තෙක් කල් දැමුණි.

එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පමණක් මෙම හමුවට සහ සහභාගී විය යුතු යැයි මුලින් තීරණයය වී තිබුණ ද ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරද සහභාගි වී තිබේ.