தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
අපේක්ෂකයන් 5ක් මැතිවරණ ප්‍රචාරණයට මිලියන 1,257 ක් වියදම් කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේක්ෂකයන් 5ක් මැතිවරණ ප්‍රචාරණයට මිලියන 1,257 ක් වියදම් කරලා



ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය 04 වැනිදා දක්වා කාලයේදී විවිධ පක්ෂ සහ අපේක්ෂකයන් සිදුකරන ලද වියදම ලෙස ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 1,257 ක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

මුද්‍රිත ,විද්‍යුත් මාධ්‍ය හරහා කළ ප්‍රචාරණ කටයුතු සහ වෙනත් ප්‍රචාරණ කටයුතු සඳහා මෙලෙස වියදම් වී ඇතැයි ගණනය කර ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ වාර්තාවේ තොරතුරු අනුව පොදුජන පෙරමුණ මිලියන 750ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මිලියන 470ක් ද ජාතික ජන බලවේගය මිලියන 31ක්ද, ජනසෙත පෙරමුණ මිලියන 4ක් සහ, ජාතික ජනතා පෙරමුණ මිලියන 2ක් වියදම් කර තිබේ.