Posted on 06.04.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
මේ මොහොතේ මහ බැංකුව විසින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කිරීමට මහ බැංකුවට ඉඩ දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිපල දෙස බලා සිටින බවත්, යම් හෙයකින් ප්‍රතිපල නොලැබුණ හොත් මහ බැංකුව සම්බන්ධයෙන් මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
මේ මොහොතේදී මහ බැංකුව ගත් යම් යම් තීන්දු සම්බන්ධයෙන් මතභේද මතු වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් පාර්ශවවල ප්‍රසාදය පළ වෙලා තියෙනවා. විශේෂයෙන්ම බැංකු හරහා සිදු කරන ගනුදෙනු මත පමණක් භාණ්ඩ ආනයනය කළ යුතු බවට මහ බැංකුව විසින් පැනවූ රෙගුලාසිය හේතුවෙන් ඇතැම් ආනයනයකරුවන්ගේ අප්‍රසාදය පළ වෙලා තියෙනවා.
ඒත් මං හිතන්නේ අපි මෙතන වෙන දේවල් දිහා බලන් ඉන්න ඕනේ. මොකද මහ බැංකුවේ අභිප්‍රාය උද්ධමනය පාලනය කර ග ැනීමෙන්, විදේශ සංචිත ඉහළ නැන්වීම. මූල්‍ය ප්‍රතිපත්ති මත පදනම්ව ස්වාධීනව තීරණ ගැනීමට මහ බැංකුවට ඉඩදීමෙන් ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙනවා. ඉන් පසුවත් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණොත් අපිට පුළුවන් මැදිහත් වෙන්න.