தமிழ்
English
Contact
Friday 18th September 2020    
අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීකමට හිමිවරු අතර ගැටුමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීකමට හිමිවරු අතර ගැටුමක්!



අපේ ජන බල පක්ෂය මහමැතිවරණයේදී හිමිකරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය හිමි වියයුත්තේ කාටද යන්න තීරණය කිරීමේ අර්බුදයක් මතුව ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

අද(11) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ‘දෙරණ’ රූපවාහිනි සේවයේ වැඩසටහනකදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා ඉවත්කර ඇති බවට ඒම පක්ෂයේ සභාපතිවරයා සහ අතුරලියේ රතන හිමි විසින් වු ලිපිවල සඳහන්ව ඇති බවයි. කෙස්වෙතත් මේ ලිපි යොමුකර ඇත්තේ පක්ෂ ලේකම් ලෙස කටයුතු කළ වේදනගම විමලතිස්ස හිමි විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට තමන් පත්කරන්නට මැතිවරණ කොමිසම හමුවට ලිපියක් ඉදිරිපත් කිරීමත් සමගය. මැතිවරණ කොමිසමේ ස්ථාවරය වී ඇත්තේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම විසඳාගෙන නිල වශයෙන් ලේකම් ධුරය සම්බන්ධ පිලිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමෙන් හා මන්ත්‍රි ධුරය සම්බන්ධ අවසාන තීරණය දැනුම් දීම අපේ ජනබල පක්ෂයේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු බවය. ඒසේ නැතිව ඒ මන්ත්‍රි ආසනය හිමි කාටද යන්න තීරණය කිරීම තමන්ගේ කාර්යයක් නොවන බවය.
මේ වනවිට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර සඳහා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ඉදිරිපත්කර ඇති නම් අනුව, මන්ත්‍රීවරු පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
අපේ ජනබල පක්ෂයේ සභාපති පවසන්නේ පක්ෂ ලේකම් ලෙස වේදනගම හිමි කටයුතු කළේ තාවකාලිකව බැවින් පක්ෂ විධායක සභාව විසින් නව ලේකම්වරයකු නම්කර ඇති බවය.
මේ අතර අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදනගම විමලතිස්ස හිමි අතුරුදන්ව ඇතැයි කීවද ඒ් හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමන් ඉවත් කිරීම මගින් කුමන්ත්‍රණකාරි තීරණ ගැනීමට පිරිසක් කටයුතු කරන බව පවසයි.