தமிழ்
English
Contact
Monday 26th October 2020    
අභ්‍යන්තර රහස් හෙළිකළ හිටපු 'මිහින් ලංකා' විධායකයා වෙඩි වැදී මිය ගිහින් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අභ්‍යන්තර රහස් හෙළිකළ හිටපු ‘මිහින් ලංකා’ විධායකයා වෙඩි වැදී මිය ගිහින් !



මිහින් ලංකා ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අනාවරණය කළ රජීව ජයවීරගේ වෙඩි වැදුණු මළසිරුර අද(12) උදෑසනදී කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි සොයාගෙන තිබේ.

උදෑසන 6.45 පමණ මෙම සිරුර සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් විමර්ශන සිදුකරයි. 64 හැවිරිදි රජීව, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මෙම මලසිරුර නිදහස් චතුරශ්‍රයට පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මිහින් ලංකා ආයතනයේ කුප්‍රකට ‘එයාබස් ගනුදෙනුව’ පිලිබඳ කරුණු හෙළි කරමින් වෙබ් අඩවිවලට ලිපි ලියු රජීව ජයවීර කිසියම් අරමුණකින් වෙඩිතබා ඝාතනය කර තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර ගෙනවිත් දමා ගොස් තිබෙන බවට සැක මතුවේ.

මේ වනවිට රාජපක්ෂවරුන්ට චෝදනා ඇති වංචා දූෂණ පිලිබඳ කරුණු හෙළි කිරීම නිසා ඔහු බලපෑම්වලට ලක් වී සිටියේය. රජීව ජයවීර මිහින් ලංකා ආයතනයේ සේවය කර තිබෙන නිසා ඒම ආයතනයේ ගනුදෙනු හා ක්‍රියාමාර්ග සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු රැසක් දන්නා, අයකු ලෙසද සැලකේ.

මේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස ඇතැම් ප්‍රචාර ගෙනයන නමුත් රාජගිරියේ පදිංචි ඔහුගේ සිරුර නිදහස් චතුරශ්‍රය අසලට ගෙ ආ බවට වාහන සලකුණක් නොමැති බැවින් ඝාතනය කර ගෙනත් දමා ඇති බවට සැකයක් ඇත.

සිරුර හමු වූ පසු ආරක්ෂාව තර කර ඇති අයුරු