தமிழ்
English
Contact
Saturday 16th February 2019    
ඩුබායි අධිකරණය තුළ චූදිතයන්ට ලංකාවෙන් නීතිඥ සහාය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩුබායි අධිකරණය තුළ චූදිතයන්ට ලංකාවෙන් නීතිඥ සහාය!



ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා නියෝජනය කරමින්  ඩුබායි අධිකරණයට ඉදිරිපත්වන්නට නීතිඥවරුන් සැරසයෙි..

ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරුන් හෙට උදෑසන බර් ඩුබායි පොලිසියේ නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි හමුවී කරුණු දැක්වීමට නියමිතය.

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කළ බවට ආරංචි පැතිර ගියද, ඔවුන්ද දෙදෙනා ඇතුළු 31 දෙනෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇත.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැති නමුත් ඔවුන් සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන් කර ඇති නිසා මනසට හා හැඟීම්වලට බලපෑම් කළ හැකි ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එතැන සිටින කිහිප දෙනකුට චෝදනා එල්ල කරන්නට නියමිතය.