தமிழ்
English
Contact
Monday 26th October 2020    
අම්බලන්ගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අම්බලන්ගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට



අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද (22) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

කුමන හේතුවක් මත වෙඩි තැබීම සිදුකළේ ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.