தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
අමාත්‍යංශ ලේකම්වරු 20කට පත්වීම් දෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමාත්‍යංශ ලේකම්වරු 20කට පත්වීම් දෙති!



ගෝඨාභය-මහින් අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්යාලයේදී සිදුකරණ ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලෙකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් අනුුරුද්ධ පාදෙනිය නම්කරනු ලබන බවට පැතිර ගිය රාවය අසත්‍යයක් බවට පත්කරමින් එම තනතුරට පත්කර ඇත්තේ පී.එස්.එම්. චාල්ස් නමැති යාපනය දිස්ත්‍රික්කයේ සේවය කරරමින් ප්‍රසිද්දියට පත් රජයේ පරිපාලන නිලධාරිනියයි. මේ අතර රාජපක්ෂ පවුලේ ඥාතියකු හා මහින්ද රාජපක්ෂ පාලනයේ චෝදනා ලැබූ ප්‍රියත් බන්දු වික්‍රම මහින්ද රාජපක්ෂ අගමැතිවරරයා යටතේ පවතින අමාත්‍යංශවල ලේකම් ධුරයට නම්කරර තිබිමද විශේෂයකි.

පත්වීම් ලැබූ නව ලේකම්වරුන් මෙසේය

එස්.එම්. මොහොමඞ් – සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්

ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි – මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්

ජේ.ජේ. රත්නසිරි – අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්

රවින්ද්‍ර හේවාවිතාරණ – වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

ජේ.ඒ. රංජිත් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්

එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න – මගීප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

වසන්තා පෙරේරා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

එම්.එම්.පී.කේ. මායාදුන්නේ – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

එස්.හෙට්ටිආරච්චි – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්

ආර්.පී. ආර්යසිංහ – විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්

ඒ.එස්.එම්.එස්. මහානාම – කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

ජේ.එම්.සී. ජයන්ති විජේතුංග – පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

ආර්.ඒ.ඒ.කේ. රණවක – ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ – කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

ආර්.එම්.අයි. රත්නායක – ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

පී.එස්.එම්. චාල්ස් – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්

එන්.බී. මොන්ටි රණතුංග – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්