தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කෙරේ



අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂයපථයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පැවැති රාජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ විෂයපථයට ඇතුළත් කර තිබේ.

1990 සුවසැරි පදනම අදාල ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලට සහ ජාතික ලොතරැය මණ්ඩලය මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ විෂයපථයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම සේවා ආර්ථසාධක අරමුදල නිපුනතා සංවරධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.