தமிழ்
English
Contact
Thursday 5th December 2019    
අමෙරිකන් තානාපතිනිය මහින්ද සමග සාකච්ඡාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකන් තානාපතිනිය මහින්ද සමග සාකච්ඡාවක!



හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (09) එක්සත් ජනපද තානාපතිනිය අලයිනා ටිප්ලිස් සමග සාකච්ඡාවක් පැවැත්වීය

ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසට පැමිණි පසුව එක්සත් ජනපද තානාපතිනිය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ප්‍රහාරය ගැන ඇමරිකානු රජයේ  කණගාටුව පළ කළ තානාපතිවරිය මෙම අවස්ථාවේ රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව ප්‍රකාශ කළාය.

එමෙන්ම ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට හැකි ආකාරයෙන් ඔත්තු සේවා තොරතුරු හුවමාරුකරන්නට සූදානම් බව සඳහන් කළ ඇමරිකානු තානාපතිවරිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අත්සන් කළ යුද සහයෝගිතා ගිවිසුම යටතේ තම රටට ලැබෙන මිලිටරි සහාය මෙන්ම ලංකාවට ආරක්ෂක සහාය ලබා දෙන්නට තමන් සූදානම් බව පැවසුවාය.