தமிழ்
English
Contact
Thursday 1st October 2020    
අමෙරිකන් නිලධාරියාට PCR පරික්ෂාව නැතිව රටට ඇතුළුවීමට අවසර දුන්නෙ ආණ්ඩුව - අමෙරිකන් තානාපතිනිය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකන් නිලධාරියාට PCR පරික්ෂාව නැතිව රටට ඇතුළුවීමට අවසර දුන්නෙ ආණ්ඩුව – අමෙරිකන් තානාපතිනිය කියයි



කොරෝනා වසංගතය හේතුවෙන් රටට ඇතුළුවන සියලු දෙනා PCR පරික්ෂාවට ලක්කරන්නට ගත් තීරනය කඩකර අදාළ පරීක්ෂණ මගහැර රටට ඇතුළු වූ ඇමරිකානු නිලධාරියා ගෙන්වීමට ලංකා ආණ්ඩුවේ අනුමැතිය ලැබී තිබුණු බව එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිම්ස් ප්‍රකාශ කරයි. පසුගිය දිනවල මෙසේ ක්‍රමවේදය මගහැර රටට ඇතුළු කරගත් අමෙරිකානු නිලධාරියා රාජ්‍යතාන්ත්‍රිකයකු නොවන බව සහ ඔහු ඒක්සත් ජනපදයට අයත් ශාන්තිකර සාගර යුද මධ්‍යස්ථාන නිලධාරියකු බවත් ඇතැම් දේශපාලන කතවලදී කියැවිණි. කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ සහභාගි වූ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිනිය මේ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට නිලධාරීන් ගෙන්වීමේදී විදේශ අමාත්‍යාංශය මගින් ලබාදී ඇති නිර්දේශ අනුගමනය කරන බව කීවාය. ඒ් අනුව, අදාළ නිලධාරියා ලංකාවට ගෙන්වීමට ලැබුණු අනුමැතිය අනුව, ගුවන්තොටුපළට පැමිණි පසුව රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාදය යටතේමුදාහැරීමට සම්පූර්ණ ඉඩ සැලසෙන තුරු ගුවන්තොටුපොළේ රැඳී සිටි බවද විදේශ අමාත්‍යංශයේ අවසරය හා නිර්දේශ අනුව මෙම ගමන සිදුව ඇති බවද තානාපතිනිය පවසන ලදී.
කෙසේ වෙතත් මෙරටට පැමිණෙන සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් 2020 මාර්තු මාසයේ සිට රටේ සෞඛ්‍ය රෙගුලාසි දැමීම පිළිපැදිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබුණු බව ප්‍රකාශ කෙරිණි.
අදාළ ඇමරිකානු නිලධාරියා ගුවන්තොටුපොළින් කිසිදු පරීක්ෂණයක් සිදුකිරීමකින් තොරව රටට ඇතුළුවීම ආන්දෝලනයට හේතු විය. ඊට දින තුනකට පසුව තානාපති කාර්යාල මට්ටමින් PCR පරීක්ෂණයකට ලක්වූ බව හා ඉන් සමත් බව නිල වශයෙන් දැනුම් දී ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.
මෙය වත්මන් ආණ්ඩුවේ අමෙරිකන් ගැති පියවරයන් ගණනාවක ප්‍රතිඵලයක් බව දේශපාලන අංශවල අදහසයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස 2007 ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් කළ ACSA ගිවිසුම අනුව මෙරටට ඒක්සත් ජනපද මිලිටරි කාර්ය මණ්ඩලවලට නිදහසේ පැමිණ යුද සහාය පවා ලබාගැනීමට හැකියාව ඇත. ඉදිරියට අත්සන් කෙරෙන බව කියන විරෝධයට ලක්ව ඇති MCC ගිවිසුම හරහා ඒකී මිලිටරි කණ්ඩායම් මෙන්ම වෙනත් අමෙරිකානු නිලධාරින්ට මෙරට කිසිදු නීත්යක බලපෑමෙන් තොරව නිදහස‌ේ අවශ්‍ය කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන්නට නියමිතය. කොහොමටත් ආණ්ුව අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපස පැවති විරෝධතාවන්ට පවා ම්ලේච්ඡ ප්‍රහාරයක් ඒල්ල කරනු ලැබුවේ ඒක්සත් ජනනපදයට මෙරට හිමිවන ප්‍රමුඛතාව සංකේතවත් කරමිනි. ගෝඨාභය රාජපක්ෂ අමෙරිකා පුරවැසිභාවය අත්හළේද ජනාධිපති අපේක්ෂකත්වය නිශ්චිතව ලැබෙන බව දැනගැනීමෙන් පසුව නිසා ඔහුගේ අමෙරිකානු ගැතිභාවය සනාථව ඇතැයි දේශපාලන චෝදනා නැගී ඇත.