தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
අමෙරිකන් පුරවැසිබව අත්හළ ලැයිස්තුවේ ගෝඨාභයගේ නම නැතිලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකන් පුරවැසිබව අත්හළ ලැයිස්තුවේ ගෝඨාභයගේ නම නැතිලු



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂ මැයි මසදී අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හළ බවට ප්‍රකාශ කළද ඔහු ජූනි 30 දක්වාම පුරවැසිභාවය අත්හළ අයකු ලෙස සළකා නැති බව අනාවරණය වේ.

මේ කරුණු හෙළිව ඇත්තේ 2019 ජුනි 30 දක්වා එක්සත් ජනපද දේශීය ආදායම් බදු වලින් නිදහස්කළවුන් පිළිබඳ නාම ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම සටහන්ව නොතිබීම නිසාය. ස්වේච්ඡාවෙන් රටහැරයාමට තෝරාගත්තවුන්ගේ නාම ලේඛනය යනුවෙන් හඳුන්වන මෙම නාමලේඛනය අගෝස්තු මස 15 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

මෙරට ආගමන විගමන පාලකවරයා නිවේදනය කළ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ, මැයි 7 වැනිදා මෙරට ගමන් බලපත්‍රයක් හිමිකරගෙන ඇත. පසුගිය මැයි මස 7වැනිදා ගෝඨාභයගේ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත හදිසි සේ සඳහන් කොට ඉදිරිපත් කෙළ බව ප්‍රකාශ වූවද එවැනි ක්‍රියාදාමයක් ඇත්ත වශයෙන්ම සිදුකර නැති බවද නමුත් එදිනම ඔහුට නව ජාතික හැඳුනුම් පත් අංකයක් සහ ගමන් බලපත්‍රයක් නිකුත්කර තිබීමත් සැකසහිත තත්වයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් මෙරට ජාතික හැදුන්ම්පත් අංකයක් හිමිව තිබුණු පුද්ගලයකු වෙත නව හැඳුනුම්පත් අංකයක් ලබාදී තිබීම මෙම සැකයට හේතුවක් වී ඇත.

කෙසේවෙතත් අප්‍රේල් 29 වැනිදා පැවති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය මීටත් වඩා පරස්පර අදහසක් ප්‍රසිද්ධියේ පවසා සිටියේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ අමෙරිකන් පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ කටයුතු 99%ක් අවසන් ඇති බවත්  තමන් තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන බවකි.