தமிழ்
English
Contact
Saturday 24th October 2020    
අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනමක්!



ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ඇතුලු ඒක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මර්දනකාරිත්වයට ඒරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

“ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හෙළා දකිමු!” යන තේමාවෙන්  උද්ඝෝෂණ ව්‍යාපාරය, හෙට(9) කොළඹ, කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ප්‍රසිද්ධකර තිබේ.

කෙසේවෙතත්, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන අය සහ තවත් නම්කළ පිරිසකට එරෙහිව සහ පොදුවේ මහජනතාව වෙත අදාළ තහනම් නියෝගය නිකුත්කර ඇති බව පොලීසිය පවසයි. මෙම අඥාව කඩකිරීම ලංකා දණ්ඩ නිතී සංග්‍රහයේ 185 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණ ආඥාවේ සඳහන් කර තිබේ.

ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගරුකරන සියලු ජනයා අමෙරිකා ඒක්සත් ජනපදයේ පොලිසිය මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිදුකරන අපරාධවලට ඒරෙහිව විරෝධතා දක්වන අතර ලංකාවේදී සංවිධානය කෙරෙන මෙම විරෝධතාවට ප්‍රගතිශීලී සංවිධාන, වාමාංශික දේශපාලන සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාකාරින් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උද්ඝෝෂණය තහනම්කර ඇති බවට පොලිසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය