தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
අමෙරිකාවෙ යන අයගේ 'ෆේස්බුක්' ඉතිහාසය හාරා අවුස්සයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකාවෙ යන අයගේ ‘ෆේස්බුක්’ ඉතිහාසය හාරා අවුස්සයි!



අමෙරිකා එක්සත් ජනපදය කරා යන්නට වීසා අයදුම්කරන පුද්ගලයන්ට ඒ සදහා සුදුසුකම් ලබන්නට නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තොරතුරු ද ලබා දීය යුතු බවට නව නීති සම්පාදනය වී තිබේ.

නව නීතිවලට අනුව වීසා අයඳුම් කිරීමේදි සමාජ වෙබ් අඩවි පිළිබඳ තොරතුරු මෙන්ම වසර 5ක කාලයක් ඇතුළත භාවිතා විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ දුරකථන අංකද ලබා දිය යුතු වේ.

2018 වසරේ යෝජනා කර සම්මත කරවා ඇති එම නීති බලාත්මක කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේවනවිටත් පියවර ගෙන තිබේ. කෙසේවෙතත් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සඳහා වීසා අයඳුම් කිරීමේ දී පමණක් එම නීති ලිහිල් කිරීමට කටයුතු කර ඇත.