தமிழ்
English
Contact
Friday 29th May 2020    
අමෙරිකාවේ රැකියා අහිමි මිලියන 26ක් - ජීවනාධාර ඉල්ලා සිටිති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකාවේ රැකියා අහිමි මිලියන 26ක් – ජීවනාධාර ඉල්ලා සිටිති!



කොරෝනා වසංගත තත්වය යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ ඇතිව තිබෙන සමාජ ආර්තික අර්බුදය නිසා රැකියා අහිමිවූවන් සඳහා සහන ඉල්ලුම් කරන පිරිස මිලියන 26ක් වී ඇතැයි වාර්තා වේ.

ලොව පුරා පැතිර යන වසංගතයක් ලෙස නව කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ලොවපුරා ඇතිකර තිබෙන වසාදැමීම් හා අත්හිටුවීම් ක්‍රියාවලිය නිසා කම්කරුවන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් මිලියන ගණනකට රැකියා අහිමි වී ඇත. රැකියා අහිමි වූවන් සඳහා මූල්‍ය ආධාර  ලබාදෙන ඇමෙරිකානු රජයේ වැඩසටහනින් මිලියන 26ක් එලෙස ආධාර ඉල්ලා ඇත්තේ ඉකුත් සති පහක කාලය තුළය. වොල් වීදියේ අමෙරිකානු කොටස් වෙළෙඳපොලේ සිදුව ඇති කඩා වැටීම හේතුවෙන් 1930 වසරේදී ඇති වූ මහ ආර්ථික අවපාතයට පසුව ඇමෙරිකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය මෙය වනු ඇතැයි ද පැවසේ.

මේ වනවිට ඇමෙරිකාවේ සෑම සේවකයන් හයදෙනකුගෙන් එක් අයකුට රැකියාව අහිමි තත්වයක් තිබියදී ජනතාවට සහන පිරිනැමීම කෙසේ වෙතත් ව්‍යාපාර ආර්ථික සහන දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 500ක සහන පැකේජයකට ද අනුමැතිය දී ඇත.