தமிழ்
English
Contact
Friday 6th December 2019    
අමෙරිකාව ගෝඨාට සුබපතයි - ශක්තිමත් ගමනක් එක්ව යන්නට ඇරැයුම් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකාව ගෝඨාට සුබපතයි – ශක්තිමත් ගමනක් එක්ව යන්නට ඇරැයුම් කරයි



යහපාලනය, ආර්ථික, මානව සම්පත් දියුණුව හා ප්‍රතිසංධානය සම්බන්ධයෙන් ශක්තිමත් ස්වෛරී ලංකාවක් සඳහා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා.බී.ටෙප්ලිට්ස් පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය නිවේදනය කිරීමෙන් පැය දෙකක් ඇතුළත අමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිනුමේ මේ බව සඳහන්කර තිබිණි.

ජනාධිපතිවරණය ඉතා සාමකාමී ආකාරයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් ද ඇය සියලු පාර්හ්වයන්ට සිය ප්‍රසාදය පිරිනැමුවාය. ඉදිරියේදී එක්සත් ජනපද ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්‘ වැඩසටහන මෙන්ම ‘සෝෆා ගිවිසුම‘ සම්බන්ධව ඍජුව කටයුතු කිරිමට ගෝඨාභය රාජපක්ෂ සමග කතාබහ කිරිමට තවත් බටහිර තානාපති අංශ අපේක්ෂා පළ කරයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සමයේ එක්සත් ජනපදය සමග ACSA ආරක්ෂක සහයෝගිතා ගිවිසුම අත්සන් කරමින් වත්මන් ට්‍රම්ප් පාලනය විසින් යෝජනා කරන SOFA සහ MCC ගිවිසුම් සඳහා පසුබිම සකස් කරදුන්නේය. ජනාධිපතිවරණ සමයේ එම ගිවිසුම් ඉදිරියට ගෙන යාමට ඇති මන්ඩලය අනුමැතිය ලබා දුන් අතර නිශ්චිතව ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බවක් ගෝඨාභයගෙන් ප්‍රකාශ කෙරුනේද නැත. විදේශයන් සමග ඇතිකරගන්නා ගිවිසුම් එක්වරම අහෝසි කිරිම අවාසිදායක නිසා ඒ වෙනුවට එම ගිවිසුම් නැවත සාකච්ඡා කරන්නට තමන් කටයුතු කරන බවද ඒවා වාසිදායක කරගන්නට කටයවුතු කරන බවටද ගෝටාභය ඇතුළු රාජපක්ෂවාදීන්ගේ ස්ථාවරය විය.