தமிழ்
English
Contact
Friday 16th November 2018    
අමෙරිකාව සම්බාධක දැම්මොත් සියදිවි නසාගැනීමක් වේවි - සෞදි අරාබිය අනතුරු අගවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකාව සම්බාධක දැම්මොත් සියදිවි නසාගැනීමක් වේවි – සෞදි අරාබිය අනතුරු අගවයි



සෞදි අරාබියට සම්බාධක පැනවුවහොත් එක්සත් ජනපදය විශාල අවාසියකට මුහුණ දෙන්නට සිදුවන් ඇතැයි සෞදි බලධාරින් එක්සත් ජනපදයට අනතුරු අගවා ඇත.
සෞදි අරාබිය පවසා ඇත්තේ එවැනි සම්බාධක පැනවීමකට ප්‍රතිචාර ලෙස තෙල් බැරලයක මිල ඩොලර් 100-200 දක්වා වුවද ඉහළ දැමීමට හැකියාවක් සෞදි අරාබියට ඇති බවය. එපමණක් නොව, මේ වනවිට සෞදි අරාබිය එක්සත් ජනපදයෙන් අවි මිලදීගැනීම නවතා ඒ වෙනුවට රුසියානු හෝ චීන අවි මිලදී ගන්නට සෞදි අරාබිය තීරණය කළ හැති බවද දැනුම් දී ඇත. එක්සත් ජනපද අවි මිලදී ගැනීම නතර කිරීමෙන් එක්සත් ජනපද අවි වෙළදාමෙන 95%ක් එකවර නවතිනු ඇති බව ප්‍රකාශ වී ඇත. ඒ අතර සෞදි අරාබිය ආසන්න රුසියානු ආරක්ෂක පද්ධතියක් පිහිටුවන්නට අවසර දීමේ තත්වයක් ඇති විය හැකිය. මේ තත්වය තුළ ඊශ්‍රායලය හරහා මැදපෙරදිග ආරක්ෂක තත්වය පිලිබද එක්සත් ජනපදය සතු තීරක බලයද අභියෝගයට ලක් වන්නට නියමිතය. මෙම කරුණු අනුව, එක්සත් ජනපදය විසින් සෞදි අරබියට සම්බාධක පැනවීමකින් එක්සත් ජනපදය මැදපෙරදිග පමණක් නොව, සමස්ත ලෝකයේ පවත්වාගෙන යන ආධිපත්‍ය අභියෝගයට ලක්වන්නට නියමිත බව සෞධි දේශපාලන අංශ එක්සත් ජනපදයට අනතුරු අගවා තිබේ.
මේ නිසා එක්සත් ජනපදය සෞදි අරාබියට හානි පැමිණවීමට ගන්නා පියවරක් ඇත්ත වහයෙන්ම එක්සත් ජනපදයට හානි කරගැනීමක් බවට පත්විය හැකි බව සෞදි පාලනයට සමීප ප්‍රකාශකයන් ජනමාධ්‍ය වෙත කරුනු දක්වා ඇත.