தமிழ்
English
Contact
Monday 17th June 2019    
අමෙරිකා-චීන වෙළද යුද්ධයට 'හුවෙයි' බිලි වෙයිද? පෙරලා සටන් කරයිද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමෙරිකා-චීන වෙළද යුද්ධයට ‘හුවෙයි’ බිලි වෙයිද? පෙරලා සටන් කරයිද?



මේ වනවිට එක්සත් ජනපදය හා චීනය අතර ව්‍යාප්ත වෙමින් පවතින වෙළද යුද්ධය නිසා චීනයේ නිෂ්පාදිත ජනප්‍රිය හුවෙයි ජංගම දුරකථන සමාගම දුෂ්කර අඩියකට ඇදි වැටී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ නියෝග මත මින් ඉදිරියට හුවෙයි සමාගම නිපදවන ජංගම දුරකථන සදහා ගූගල් සමාගම ඇතුළු අමෙරිකන් සමාගම්වල දුරකථන මෘදුකාංග භාවිකයට ගැනීම අවහිරකර ඇත. ඒ අනුව ගූගල් ප්ලේ හරහා මෘදුකාංග බාගත කිරීම සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් මෘදුකාංග වැඩසටහන හුවෙයි සමාගමේ ඉදිරි නිෂ්පාදන සම්බන්ධයෙන් භාවිත කළ නොහැකි වනු ඇත.

එක්සත් ජනපදය චීනය සමග ඇතිව තිබෙන වෙළද යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන අවාසිදායක තත්වය පිළිබද චීන බලධාරින් අවධානය යොමුකර ඇත. හුවෙයි සමාගම මෙම අභියෝගය භාරගන්නට සූදානම් වුවද එම සමාගම සමග ව්‍යාපාරික සබදතා ගොඩනගාගෙන ආයෝජන සැලසුම් සහිතව සිටින සමාගම් රාශියක් මෙයින් දුර්මුඛ කෙරෙනු ඇත. විශේෂයෙන් මේ වනවිට දුරකථන ග්‍රාහකයන් හරහා ලබාගෙන ඇති ගූගල් මෘදුකාංග භාවිතයට ගැනීමට අවසර ලබා දී ඇත. එහෙත් ඉදිරියට නිර්මාණය වන්නට නියමිත හුවෙයි සමාගමේ ජංගම දුරකථන නව නිෂ්පාදන සදහා එක්සත් ජනපදයේ කිසිදු සමාගමකින් මෘදුකාංග සැපයුම අවහිර කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධව අදහස් දක්වන ආර්තික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හුවෙයි සමාගම හා එහි වෙළදපොල සම්බන්ධයෙන් චීණය දක්වන ආකල්පය අනුව මෙය පරාජයක් වේද නැතිනම් ආපස්සට එක්සත් ජනපදයට අවාසිදායක පියවරක් වේද යන්න කාලය විසින් විසදන ප්‍රශ්නයක් බවයි. එක් පැත්තකින් හුවෙයි සමාගම සිය වෙළදපොලට එල්ලවන පරාජය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වෙනුවට නව මෘදුකාංග හදුන්වාදීමට ඉඩ ඇත. අනෙක් අතට ලෝකයේ වෙළද තරගය තුළ වඩා කාර්යක්ෂම ජංගම දුරකථන තාක්ෂණය හරහා හුවෙයි සමාගම යම් කිසි බරතැබීමක් කළ හොත් එය එක්සත් ජනපද ජංගම දුරකථන සමාගම්වලට මෙන්ම තොරතුරු තාක්ෂණ කර්මාන්තයටද බලපාන තර්ජනයක් වනු ඇත.