தமிழ்
English
Contact
Friday 18th September 2020    
අයිතිවාසිකම් අහිමිකර උපාධිධාරින්ට රැකියා දෙන්නෙ හමුදා පුහුණුවක් සමග! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයිතිවාසිකම් අහිමිකර උපාධිධාරින්ට රැකියා දෙන්නෙ හමුදා පුහුණුවක් සමග! – දුමින්ද නාගමුව



උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන මුවාවෙන් ආණ්ඩුව මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයක් තැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මේ වනවිට පත්වීම් දීම සිදුවන නමුත් එම උපාධිධාරින් රාජ්‍ය සේවයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කරනු පිණිස අද (7) බත්තරමුල්ල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදාවලට අවශ්‍ය ආකාරයෙන් රැකියාලාභීන් පුහුණු කරමින් රාජ්‍ය මර්දනයේ අරමුණු වෙනුවෙන් රැකියා ව්‍යාපෘතිය පාවිච්චි කරන බවය. එසේම පත්වීම් කොන්දේසි ලෙස ඇත්තේ රැකියා අපේක්ෂාවෙන් වසර ගණනක් පීඩා විඳි තරුණ තරුනියන්ට රජයේ රැකියාලාභීන්ට හිමි සාමාන්‍ය අයිතිවාසිකම් අහිමි කරමින් බව ඔහු චෝදනා කළේය.
ඔහු ඒහිදී පළ කළ අදහස් පහත සටහන් වේ.
”මේ වන විට උපාධිධාරීන් පනස් දහසකට ආසන්න පිරිසකට රැුකියා ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවා. මේකෙන් වයස් සීමාව ඉක්මවා ගිය දහදහසක පිරිසක් රැුකියා අස්ථාවරතාවකට ලක්ව තිබෙනවා. ඒ අය වෙනම කැඳවීමක් කරනවා කියලා දැනුම්දීමක් කරලා තියෙනවා. නමුත් එහි ගැටලූ පවතිනවා. ඒවගේම ඒ බඳවා ගන්න පිරිස හමුදා පුහුණුවකට කැඳවනවා කියලා දැනුම්දීලා තියෙනවා. මේක මීට කලින් රාජපක්ෂ පාලයෙන් කි‍්‍රයත්මක වුණා. 2015 පසුව නතර කෙරුවා. මේ මීට කලින් සරසවි ශිෂ්‍යයන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවයට බඳවා ගන්න විවිධ කණ්ඩායම්වලට කි‍්‍රයාත්මක කළා. මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපකිර්තිමත් ප‍්‍රශ්න පැන නැගිලා තියෙනවා. මීට කලින් මේ පුහුණුව නිසා විදුල්පතිනියක් මිය ගියා. මේ නිසා ජනතාවගෙන් විශේෂ විරෝධයක් ගොඩනැගිලා තිබුණා. එදා විශ්වවිද්‍යලවට එන්න කලින් මේක කළේ ඔවුන්ගේ ඔළු හදන්න. රාජ්‍යයට උවමනා ලෙස අවනත කර ගන්න තමයි මේක කළේ.
අලූතෙන් රාජ්‍ය සේවයට බැඳෙන සේවකයන් තමන්ගේ අතකොලූ කරගන්න අණ්ඩුවට උවමනා වෙලා තියෙනවා. තවදුරටත් සාමාන්‍ය පෙළ සමත් නැති ලක්ෂයක් බඳවා ගන්නවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඔවුන් බඳවා ගැනීමත් සිදුවන්නේ ආරක්ෂක ලේකම් යටතේ. ඔහුගේ අධීක්ෂණය යටතේ බඳවා ගන්නෙ කොහොමද? ඒවගේම ඔවුන් අරක්ෂක අමාත්‍යංශයේ විවිධ කටයුතුවලට බඳවා ගන්නවා කියලා තියෙනවා. එතකොට අපට සැකයක් ඇතිවෙනවා ඔත්තු සේවා සඳහා පාවිච්චි කරන්නද ඒ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මේ රාජ්‍ය සේවකයො මුලින්ම හමුදා මුලස්ථානවලට යන්න ඕන. මේ රාජ්‍ය සේවයකයන්ට විශාල අනතුරක්, අභියෝගයක් රටක හමුදාව පුහුණු කරන්නේ වෙනම ක‍්‍රම වේදයකට, ඔවුන් පුහුණු කරලා තියෙන්නේ ඕනෑම නියෝගයක් ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න තැනට. රටේ අනිකුත් සේවාවන් අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන සේවය මේ සේවාන්වල නිලධාරින් පුහුණු කරන්නේ ඒ ආකාරයට නෙවෙයි. ආයතන කි‍්‍රයාත්මක වෙන්නේ ඒ ආකාරයට නෙවෙයි. එවගේ යම් කිසි ආකාරය විචාරශීලිත්වයක් ස්වාධීනත්වයක්, පැවරෙන කටයුතු පවා විමසලා බලලා කිරීමේ සංස්කෘතියක් ඉතිහාසයක් තියෙනවා. අප පිළිගන්නවා රාජ්‍ය සේවයට බැදෙන අයට පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව කරනවා නම් කරන්න තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ. නැත්නම් පුහුණුව කරන්න ඕන ඒ ඒ අය බඳවා ගන්න දෙපාර්තමේන්තුව යටතේ. මේ හමුදා පුහුණුවකට අරන් යන්නේ රාජ්‍ය සේවකයගේ කොන්ද කඩන්න. මේ පුහුණුවට එන්න කියලා තියෙනවා සියලූ දෙනාට ඒ එන්න කියපු අය අතර සමහර අය ගැබිනි කාන්තාවන්. සමහරු අඩු වයස්වල දරුවෝ ඉන්න අය. සමහර අය රෝගාතුරව ඉන්න අය. මේ ප‍්‍රශ්න ඉදිරිපත් කළාට පස්සෙත් වහාම සේවයට වාර්තා කරන්න කියලා බල කරලා තියෙනවා.
මේ පුහුණුව සඳහා සම්බන්ධ වන අයට අරන් එන්න බඩු ලැයිස්තුවක් දීලා තියෙනවා. මේක හරියට ආමි ටෙනින් එකට දීපු බඩු ලැයිස්තුව වගේ. මේ ලැයිස්තුව ගන්නත් විසිපන්දහක් පමණ යනවා. රස්සාවක් නැතුව පසුගිය කාලය පුරාම රැුකියා විරහිතව හිටපු තරුණ, තරුණියෝ මේ ලැයිස්තුවක බඩු මිලදී ගන්නේ කොහොමද? කොහොමද මේකට සල්ලි හොයා ගන්නේ. මේ නේවාසික අඛණ්ඩ පුහුණුවක් මේ පුහුණව සඳහා යනකොට මේ සියල් තියෙන්න ඕන. මේකේ දොලොස්වෙනියට තියෙනවා භාරකරුවන් ඥාතින් මුණගැනීම මෙන් වැලකී සිටීමට පියවර ගත යුතුයි කියලා තියෙනවා. තවද පාඨමාලා කාල සීමාව තුළ නිවාඩු, ලෙඩ නිවාඩු අනුමත කරනු නොලැබේ. ඥාතින්, භාරකරුවන් මුණගැහෙන්න දෙන්නේ නැතුව රාජ්‍ය සේවයේ පුහුණුවක් කරන එක ප්‍රෙහේලිකාවක්. අපි මැතිවරණයට කලිනුත් කිව්වා මේ ආණ්ඩුව ලෑස්තිවෙන්නේ මිලිටරි ගමනක් යන්න. මිලටරියේ බලය ශක්තිමත් කරලා. ඒකට අවශ්‍ය කරන අවනතකම හදන ගමන පසුබිම තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ. ඒකේ එක ගඩොලක් තමයි මේ බඳින්නේ. ඉදිරියේදී මේකට අදාළ ඉදිරි කි‍්‍රයාමර්ග එයි.
හමුදා පුහුණුවට රාජ්‍ය සේවකයන් යටත් කරන්න ගත්තත් මේ කි‍්‍රයා මාර්ග අපි හෙලා දකිනවා. මේ පළවෙනි ඒක. ඊළඟට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මේක පුහුණුව එනවා. ඊළඟට ඒගොල්ලන්ට අවනත කරගන්න බැරි සියලූම ක්ෂේත‍්‍රයන්ට මේ පුහුණුව දෙනවා. ප‍්‍රජාතන්තවාදය අගය සියලූ දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා මේ ප‍්‍රශ්නය බැරෑරුම් ලෙස සලකන්න කියලා. රාජ්‍ය සේවයේ ඉන්න අනිත් කණ්ඩායම්වලිත් අපි ඉල්ලනවා මේ පුහුණුව සඳහා තමන් දරණ ස්ථාවරය පළ කරන්න කියලා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ප‍්‍රශ්න කරනවා වෛද්‍යවරුන්ට මෙවැනි පුහුණුවක් දෙනවා නම් මොකක්ද ස්ථාවරය. මේ සම්බන්ධයෙන් කරුණු පළ කරන්න. ජනාධිපතිතුමත් ඒකක එකට රැුස්වීම් උත්සව පවත්වලා හරියන්නේ නැහැ. ප‍්‍රධාන වෘත්තීය සමිතිවලට වගකීමක් තියෙනවා රාජ්‍ය සේවයේ වන මෙවැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම. ආණ්ඩුවට මේව කරන්න හදිසි තිබුණාට තාමත් යු.එන්.පී. ආණ්ඩුව කපාහැරපු විශ‍්‍රාම වැටුප දිලා නැහැ. 2016 කපාහැරපු විශ‍්‍රාම වැටුප 2020 ජනවාරි මාසයේ පළමු වෙනිදා වෙනකොට විශ‍්‍රාම වැටුප හදනවා කිව්වා. ඒක තාම නැහැ. එදා මේව ගැන වැඩවර්ජන කරපු කණ්ඩායම් අද මේවා ගැන සාකච්ඡා කරන්නේ නැහැ.
ඊළඟට තිබෙන බරපතළම ප‍්‍රශ්නය, ප‍්‍රසූත නිවාඩු පිළිබඳව ඇතිවෙලා තිබෙන ප‍්‍රශ්නය. මේ බඳව ගන්න කණ්ඩායමට රාජ්‍ය සේවයේ ප‍්‍රසූත නිවාඩු සඳහා වන අයිතිය සම්පුර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා. ඔවුන්ට ලබාදීපු පත්වීම් ලිපියේ 7වන කරුණ වෛද්‍ය හේතුමත පමණක් මසකට දින දෙකකට යටත්ව නිවාඩු ලබා ගැනීමේ හිමිකම් ලැබෙන අතර දරු ප‍්‍රසුතියක් සඳහා නම් එය සිදු වු දින සිට දරුවාගේ පෝෂණ කටයුතු වෙනුවෙන් සති 6ක කාලයක් ප‍්‍රසූත නිවාඩුව හිමිවේ. මේ ලිපියට අනුව සති 6ක කාලයක්. සාමාන්‍ය රාජ්‍ය සේවයේ ප‍්‍රසූත නිවාඩු දිලා තියෙනවා දින 84ක්. එක ආයතන සංග‍්‍රහයේ පැහැදිලි කරලා තියෙනවා. ඊට වඩා නිවාඩු ගන්නවා නම් වැටුපෙන් කලා හරිනවා කියලා තියෙනවා. එක්සත් ජාතින්ගෙ සංවිධානය පිළි අරගෙන තියෙනවා ගර්භනී කාන්තාවකට මාස 4ක නිවාඩුවක් අවශ්‍යයි කියලා. ලංකාවේ දින 84ක් නිවාඩු දෙනවා පුර්ණ ලෙස, අඩ වැටුප් සහිතව දින 84ක් ගන්න පුළුවන්, තවත් 84ක් ගන්න පුළුවන් වැටුප් රහිතව. මේක රාජ්‍ය සේවයේ සියලූ දෙනාට හිමි අයිතියක්. රජයේ ආයතන සංග‍්‍රහේ දොලොස්වන පරිච්ෙඡ්දයේ 18 වන වගන්තියේ මේක සඳහන්වෙලා තියෙනවා. මේ ප‍්‍රශ්න කතා කරන්න රාජ්‍ය පරිපාලන නිලධාරින් හමුවට ගියාට පස්සේ ඒ ලිපි විසි කරලා තියෙනවා.
ආයතන සංග‍්‍රහය උල්ලංඝණය කරලා කොහොමද මේ පත්වීම් ලිපිය ගැහුවේ? දරු ප‍්‍රසූතිය සිදුවී සති 4ක් යාමට පෙර දැනුම් දෙන්න කියලා තියෙනවා. මේ වැඬේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරන්න හැදුවා. 2018 බඳවා ගත්තා 3100ක්. 2019 බඳවා ගත්තා 14,500ක්. නමුත් මේ නිවාඩු කප්පාදුව කරන්න හදද්දි වෘත්තීය සමිති හඬ නැගුවා, ඔවුන්ට මේ සම්බන්ධයෙන් ලිපි යැව්වා සාකච්ඡුා කළා. මේ කාරණය සම්බන්ධයෙන් නීතිමය තත්වය ඔවුන්ට ඉදිරිපත් කළා. විරෝධය පළ කලා යුඑන්පී ආණ්ඩුව මේ අකුලා ගත්තා. ඒ ආණ්ඩු අකුලගත් වැඩපිළිවෙළ ඒ ආණ්ඩුව විවේචනය කරගෙ ආපු මහත්වරු ටික දැන් මේ කරන්න හදන්නේ.
සිංහලයෝ වඳවෙනවා කියලා කෑගහපු කට්ටිය හිටියා. දරුවන් හදන්න කවුරු හරි ඉන්නවා නම් මේ කාල පරිච්ෙඡ්දයේ දරුවො හදන්නේ නැතුව අරිනවා. මේ ගැන කතා කරපු අය දැන් මොකද කියන්නේ.
සති හයක් යන්න කලින් දරුවා මියගියොත් දැන් මේ පාලනය සජීවි දරු උපතට දෙන්න යන්නේ අජීවී දරු උපතක නිවාඩු. ළමයා මැරුණාට පස්සේ දෙන්න යන නිවාඩු තමයි දැන් දෙන්න හදන්නේ. රාජ්‍ය සේවය මෙතන ආවට පස්සේ පෞද්ගලික අංශයේ දැනට තියෙන නිවාඩුවත් නැතිවෙනවා. ඒකට දැන් ඒගොල්ල ලෑස්ති වෙනවා. නිමල් සිරිපාලද සිල්වා කියනවා. කම්කරු නීති යල් පැනලා වැඩියි ඒවා දැන් වෙනස් කරන්න ඕන කියනවා.
මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. මේ සදාචාර විරෝධී කි‍්‍රයාවක්. මේ මානව විරෝධී කි‍්‍රයාවක්. මේක නීති විරෝධී කි‍්‍රයාවක්. අද, ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ වෘත්තීය සමිතිය හිටියට මේ සම්බන්ධ කතා කරන්න මානව හිමිකම් කොමිසමට ගියා. ආණ්ඩුවට අපි සතියක් දෙනවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. එහෙම නොකළොත් අපි උසාවි යනවා. උසාවියෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. 20වන සංශෝධනයෙන් එයාලට ඕන විදිහටනේ පත්වීම් කරන්න යන නිසා. නමුත් යන්න ඕන තැන අධිකරණය. ඒ නිසා අපි අධිකරණයට යනවා මේක පැහැදිලිවම මුලික අයිතිවාසිකම් උල්ලඝණය කිරීමක්.
පසුගිය සැප්තැම්බර් 3 වනදා ශී‍්‍ර ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එහි ජේෂ්ඨ නිලධාරින් විසින් කණිෂ්ඨ නිලධාරින්ට යවපු ලිපියක තියෙනවා. සංස්ථාවේ වැඩ නැහැ. ඒ නිසා පඩි ගෙවන්න බැහැ. ඒ නිසා මාස හතරකට යටත්ව අඩ වැටුප් සහිතව සේවයෙන් මුදාහරින්න කැමැති අයගෙන් ලියුම් ගන්න කියලා තියෙනවා. මේ රට 21 වෙනි සියවසට සංවර්ධනය කරන්න කතා කරන ආණ්ඩුවක් මේක. එතකොට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වහලද මේ රට සංවර්ධනය කරන්නේ. වැඩ මදි නිසා අඩ වැටුපකට මුදාහරන්න පාලන අධිකාරිය තීරණය කරලා තියෙනවා.
මේ කි‍්‍රයාත්මක වෙන්නේ රාජ්‍ය සේවයේ පළමු කප්පාදුව. ඒ නිසා මේ තවත් අනෙක් ආයතනවලටත් එනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉන්න සියලූ දොනට අප ආරාධනා කරනවා මේ කි‍්‍රයාමර්ගවලට එරෙහිව ඉදිරියට එන්න කියලා.”