தமிழ்
English
Contact
Friday 6th December 2019    
අයිසීසීයෙන් අවිෂ්කට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයිසීසීයෙන් අවිෂ්කට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට දූෂණ චෝදනා එල්ලකර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට දූෂණ චෝදනා එල්ලකර තිබේ.

ඒ අනුව අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබේ.

මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු වූ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටවූ බව නිවේදනය කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනත කඩ වීම් සිදු වූයේ යැයි සඳහන්වේ. එම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කරනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ සඳහන් කර ඇති වගන්ති 4 නුවන් සොයිසා විසින් උල්ලංඝනය කර ඇති අතර ගුණවර්ධන එම පනතේ වගන්ති 2ක් කඩ කර තිබේ.

එසේම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ යම් නිලයක් දරයි නම් එම තනතුරුවලින් ද වහාම ක්‍රියාත්මක පරිදි ඔවුන්ව ඉවත් කරන ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම මිට පෙර සනත් ජයසූරිය සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ටද දූෂණ චෝදනා එල්ල වී තිබුණි.සනත් ජයසුරියට මේවනවිට කිසිදු ක්‍රිකට් ආශ්‍රිත ක්‍රීඩා කටයුත්තකට සම්බන්ධ වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කර ඇත.