தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
අයි. එස්. නායකයා සිරියාවේදී මරා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයි. එස්. නායකයා සිරියාවේදී මරා දමයි



අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කර තිබේ.

අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත් කී ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘බැග්ඩෑඩි බල්ලකු ලෙස මියගිය’ බව ද කීවේය. අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත.

මේ අතර අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.