தமிழ்
English
Contact
Friday 1st July 2022    
අරක්කු සමාගම් කෝටි 200 බදු පැහැර හැරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරක්කු සමාගම් කෝටි 200 බදු පැහැර හැරලා!



මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි.

එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා බැලීමේදී හෙළිව ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ ආකාරයට නීථිමය ක්‍රියාමාර්ගවලට ගිය අවස්ථාවේ සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව දැනුම්දී ඇත.