Posted on 07.26.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද උදෑසන ගාලුමුවදොර අරගල භූමියේදී අරගල ක්රියාකාරිකයන් සිවුදෙනකු පොලිසිය විසින් අත්අඩංගුව ගෙන ඇත.
මේ අන්දමට අත්අඩංගුවට ගත් චානුක මධුසංක, රෝහණ කුමාර, චන්ද්රනාදන් නික්සන් හා මොහමඩ් සහරාන් සුම්වි කොටුව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කර අයුතු ජනරාශිය, කලහකාරි හැසිරීම වැනි චෝදනා ගොනු කරන්නට කටයුතුකර ඇත.
මේ වනවිට අරගලකරුවන් සම්බන්ධ ආණ්ඩුවේ හා පෞද්ගලික මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශ ප්‍රචාරය වෙමින් පවතී. පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි නීතිය යොදාගෙන ආරම්භ කළ අරගල මර්දනයට අවශ්‍ය පසුබිම මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම්, චෝදනා නැගීම් යටතේ සිදුකෙරෙන බව දක්නට ලැබේ.
ගෝඨාගෝගම අරගලබිමේදී බණ්ඩාරනායක පිළිමය අවට ඉදිකිරීම් ඉවත් කරන්නට පැමිණි පොලිසිය විසින් මේ ආකාරයෙන් අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ජූලි 20 වැනිදා ලබාගත් බව කියන මේ අධිකරණ නියෝගය ක්‍රියත්මක කිරීමට දින 6ක් ප්‍රමාද කර ඇත්තේ මන්ද යන්න මෙහිදී සැකයට පාත්‍ර වේ. අරගල බිමේ මූලිකයන්ට මෙන්ම ඒක් ඒක් ක්රියාකාරිකයන්ට මරදනය කැඳවා ජන අරගලය අහෝසිකරන්නටත් ඒහි මේ දක්වා ජයග්‍රහණ ආපසු හැරවීමටත් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.